අධිකරණයට අපහාස කල රංජන් රාමනායක මහතා නොවරදවාම හෙට හෝ අනිද්දා නිදහස් කිරීමට නියමිතව තිබෙන බව හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබුණි. ඒ අනුව තමන් කලේ වරදක් බවට ඔහු පිළිගෙන අධිකරණයෙන් සමාව ගැනීමේ දිවුරුම් පෙත්සමටද මේ වන විට අත්සන් කර නිසි කටයුතු සඳහා යොමු කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා මීට පෙර ප්‍රකාශ කලේ රන්ජන්ට නිදහස දෙන්නේ නම් තමන් සිය මන්ත්‍රී අසුන රංජන් වෙනුවෙන් ලබා දෙන බවයි. ඒ අනුව ඔහු ඉල්ලා අස් වෙන බවද ප්‍රකාශ කර තිබුණි.
හෙට හෝ අනිද්දා රන්ජන් නිදහස ලබා පැමිණෙන විට හරීන් ප්‍රනාන්දු මහතා තම පොරොන්දුව ඉටු කරාවිද?, යන්න සමගි ජනබලවේගය බලා සිටින බව සහ ඒ වෙනුවනේ හරීන්ට එරෙහිව කටයුතු කරනු ඇතිබව විශ්වාස කටයුතු ආරංචි මාර්ග මෙන්ම life travellar you ටියුබ් නාලිකාවද ප්‍රකාශ කරයි.
