වීරකැටිය, ගජනායකගම ප්‍රදේශයේ දී ඊයේ (19) රාත්‍රී 10.00ට පමණ සිදු වූ වෙඩි තැබීමකින් 14 හැවිරදි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
එම වෙඩි තැබීමට හේතු වී ඇත්තේ පවුල් ආරවුලක් දුරදිග යාමක් වන අතර වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ දරුවා වීරකැටිය රෝහලට ඇතුළත් කර ඇත.
පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු තංගල්ල පොලිසිය සිදුකරන බවයි වාර්තා වන්නේ.