වෘත්ති සමිති ඒකාබද්ධව වැඩ වර්ජනයක්

වෘත්තීය සමිති තීරණය කර ඇත්තේ  මාර්තු මස 1 වනදා ඒකාබද්ධ සමස්ත මහා වැඩ වර්ජනයක් ආරම්භ  කිරීමට බව වාර්තාවේ.

ඒ  ඊයේ පස්වරුවේ ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති නියෝජිතයින් සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව තෙල්, විදුලි, වරාය, ජල සම්පාදන, සෞඛ්‍ය, අධ්‍යාපන, බැංකු පද්ධතිය ඇතුළු විවිධ ක්ෂේත්‍ර රැසක වෘත්ති සමිති ඒකාබද්ධව මෙම වැඩ වර්ජනය සිදුකිරිමට එහිදි වෘත්තීය සමිති නියෝජිතයින් තීරණය කර ඇති බවයි සදහන්ව ඇත්තේ.

Exit mobile version