අද (19) උදෑසන යක්කලමුල්ල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇත.
කෙසේ නමුත් මේ වන විට වාර්තා වී ඇත්තේ තුවාල ලැබූවන්ගෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
තුවාල ලැබූවන් අතර වයස අවුරුදු 03ක් වන දරුවෙක් ද සිට ඇති බව වාර්තා වේ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් අදාළ වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවත් වෙඩි තැබීමට හේතුව තවමත් අනාවරණය වී නොමැති බවත් පොලිසිය සඳහන් කරයි.
මෙම වෙඩි තැබීම යක්කලමුල්ල කළුවලගල ප්‍රදේශයේ දී අද උදෑසන 11.30ට පමණ සිදුකර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පොලිසිය විසින් ආරම්භ කර ඇත.
