වෙරිමත්ව සිටි අයෙක් කොස්තාපල්ට කතුරෙන් පහර දීලා.

බීමතින් රිය පදවමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රැගෙන ඒමේදි එම බීමත් පුද්ගලයා විසින් එල්ල කරන ලද කතුරු ප්‍රහාරයකින් තුවාල ලැබු පොල්පිටිය පොලීසියේ පොලිස් නිලධාරියෙකු ගිනිගත්හේන රෝහල වෙත ඇතුළත් කළ බව වාර්තා වේ .

මේ පිළිබඳව කරන ලද විමසීමකදී අදහස් දැක්වු පොල්පිටිය පොලීසියේ නිලධාරියෙකු ප්‍රකාශ කරන ලද්දේ ඊයේ (22) දින රාත්‍රියේදී හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ යටිබේරිය සීමා මාලකය අසලදී නිසාන් වර්ගයේ මෝටර් රථයක් පරික්ෂාවට ලක් කිරිමේදී එහි රියදුරු බීමත්ව සිට ඇති බවත් , පසුව එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන රැගෙන ඒමේදී අදාල සැකකරු විසින් තම පොලීසියේ පොලිස් කොස්තාපල්වරයාට කතුරකින් ඇන තුවාල සිදු කර ඇති බවත්ය.

එසේ තුවාල ලැබු පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා ගිනිගත්හේන රෝහලට ඇතුළත් කිරිමට පියවර ගෙන ඇති බවත් , බීමත්ව රිය පැදවු පුද්ගලයා කොටියාගොඩ , මත්තේගම පදිංචිකරුවකු බවත් , එම පුද්ගලයා හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කරන ලදී .

Exit mobile version