වෙසක් පෝදා දිඹුලාගල දලුකාන ආදිවාසී ගම්මානයේ නිවසක මුදලට සූදූ ක්‍රීඩාවේ යෙදුණු කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පිරිමි පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .
මෙම සූදු පිටිය දීර්ඝ කාලයක් තිස්සේ මහා පරිමාණයෙන් පවත්වාගෙන එන ලද එකක් වන අතර මෙම වැටලීම සිදු කරන අවස්තාවේ දී එහි සිටි තවත් ආදිවාසී කාන්තාවන් සහ පිරිමි පුද්ගලයින් පලා ගොස් තිබේ.
රජයෙන් ලැබෙන සහල් අලෙවි කර මෙම සූදු පිටිය පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ . සැකකාර අවුරුදු 28 – 45 ත් අතර වයස්වල පසුවන අය වන බව සදහන්.
එමෙන්ම අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (06) දින පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පලා ගිය සැක්කරුවන් සොයා විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා කරයි.
