බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය මගින් මෙහෙයවන ” වෙස්‍ටර්න් බ්‍රීස් අවුරුදු ” සැණකෙළිය අප්‍රේල් මස 8 සහ 9 දිනයන් හිදී කොළඹ ගාලුමුවදොර පරිශ්‍රයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ .
ආහාර පාන, අවුරුදු ක්‍රීඩා ඇතුළු විවිධ අංග රැසකින් සමන්විත වන අතර සංචාරක කර්මාන්තය නගා සිටුවීම , විවිධ නිශ්පාදනයන් කරන සුළු ව්‍යාපාරිකයන්ට අතහිත දීම මෙහි අරමුණ බව සංචාරක මණ්ඩලය ප්‍රකාශ කර තිබේ.
