වෙළඳසැළක් දැවී අලුවේ…එහි නවාතැන් ගෙන සිටි අයෙක් ද පිළිස්සී මරුට.

අද (11) අලුයම මිරිහාන ඇතුල්කෝට්ටේ හන්දියේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසැලක් තුළ ගින්නක් හටගෙන ඇත.

අදාළ ගින්නෙන් එම වෙළඳසැලේ නවාතැන් ගෙන සිටි වයස අවුරුදු 63ක් වන ලක්ෂ්මන් සරත් කුමාර නමැති පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.

අදාළ පුද්ගලයා එම වෙළඳසැලේ සොල්දරය මත නින්දේ පසුව ඇති අතර ගින්න හටගැනීමත් සමග ඊට හසුවීමෙන් ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ම වෙළඳසැල්වල කුලීවැඩ කරමින් ජීවිකාව ගතකළ අයෙක් වන අතර වෙළෙඳසැල් හිමි කරු විසින් මෙම පුද්ගලයා අසනීප තත්ත්වයේ පසුවන බැවින් එම වෙළඳසැල නවාතැන් ගැනීමට ඉඩ සලසා දී ඇත.

කෙසේ නමුත් පොලිසිය ප්‍රකාශ කළේ ගින්නට හේතුව මේ වන තෙක් අනාවරණය වී නොමැති බවත් ගින්නෙන් වෙළඳසැලට සිදුව ඇති පාඩුව මේ වන තෙක් ගණන් බලා නොමැති බවත් ය.

කෙසේ නමුත් ගින්න හේතුවෙන් වෙළඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති බව වාර්තා වේ.

කෝට්ටේ නගර සභාවේ ගිනිනිවන ඒකකය පැමිණ ගින්න ඇති වූ වහා එය මැඩපැවැත්වීමට කටයුතු කර ඇති අතර විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ද වහා ක්‍රියාත්මක වී විදුලිය විසන්ධි කිරීමට පියවර ගෙන ඇත.

එමෙන්ම මේ වන විට නුගේගොඩ අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් අදාළ ස්ථානයට පැමිණ පරීක්ෂණ සිදුකර මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් ද සිදු කිරීමට නියමිතව ඇත.

Exit mobile version