රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ 2022 පෙබරවාරි මස 21 වන දින ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වෛද්‍ය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවයි.
අද (18) සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සිය ගැටලු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන ඇත.
අදාළ සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද සහභාගී වූ බව රාජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
