රජයේ වෛද්‍ය වරුන්ගේ සංගමය විසින් තීරණය කර ඇත්තේ ලංකාව තුල රජයේ රෝහල් පද්ධතියේ ඇතිව තිබෙන ඖෂධ හිඟය මෙන්ම රජයේ විසින් කරණ හිතුමතේ බදු සංශෝධනයන්ට එරෙහිව විරෝධය පළ කිරීම සදහා ජනවාරි 23 වන දින සිට “කළු සතියක්“ ප්‍රකාශයට පත් කිරිමටයි.
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අද පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ එම සංගමයේ විධායක සභාව ඊට අවශ්‍ය අවසරය ලබාදුන් බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ප්‍රකාශ කොට තිබේ.
ඒ අනුව අද පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් කරුණු දක්වමින් වෛද්‍ය හරිත අලුත්ගේ සදහන් කළේ ලබන සිකුරාදා කොළඹ දී විරෝධතා වක්ද සංවිධානය කර ඇති බවයි.
