වෛද්‍ය සිසුන් 07 දෙනෙකු රිය අනතුරකින් අවාසනාවන්ත ලෙස මියගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම අනතුර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිදුවූවක් බවට විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
අදාළ අනතුරින් මියගිය වෛද්‍ය සිසුන් අතර භාරතීය ජනතා පක්ෂයේ මහාරාෂ්ට්‍ර ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රීවරයෙකු වන Vijey Rahangdale මහතාගේ පුත්‍රයා ද වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අදාළ වෛද්‍ය සිසුන් විභාගයකට මුහුණදීමෙන් අනතුරුව සුඛෝපභෝගී ජීප් රථයකින් ගමන් කරමින් සිටින අතරතුරදී මෙම අනතුර සිදුව ඇත.
අනතුර සිදුව ඇත්තේ නාගපූර් සහ තුල්ජපූර් අධිවේගී මාර්ගයේදී ය.
