අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරු මණ්ඩලය මෙතෙක් පැවති ක්‍රමාවේදයට පවත්වාගෙන යන ලෙසට උපදෙස් ලබාදෙමින් නිවේදනයක් නිකුත් කළ බවයි.
අද (04) අරලියගහ මන්දිරයේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවේ දී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් අග්‍රාමාත්‍යවරයා විසින් අදාළ නිවේදනය නිකුත් කර ඇත.
විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් අදහස් දක්වමින් සඳහන් කළේ වෛද්‍ය පරිපාලනය ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ ලෙස කොටස් දෙකකට බෙදා ක්‍රියාත්මක නොකර එකම නියැදියේ තබා කටයුතු කළ යුතු බවට යෝජනාවක් ද ඉදිරිපත් කර ඇත.
