ශරීර අවයව ජාවාරම්කරුවකු අත්අඩංගුවට.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ‍ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී ශරීර අවයව මුදලට ලබා ගැනීම සම්බධව  තැරැව්කරුවෙකු ලෙස පෙනීසිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ගෙන ඇති බව වාර්තාවේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 53 හැවිරිදි කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි කරුවකු බවයි වාර්තා වන්නේ.

බොරැල්ල ප්‍රදේශයේ පුද්ගලික රෝහලක් රෝහලක් මගින් දුප්පත් ජනතාව මුලාකරවමින් මුදල්ලබා දෙන පවසා වකුගඩු ලබා ගන්නා බව බොරැල්ල පොලිසිය වෙත 5 දෙනෙකු විසින් කරනලද පැමිණිල්ලක් ඔස්සේ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදුකරනු ලැබූ විමර්ශන වලදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරන අතර සැක කරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Exit mobile version