ශ්‍රී ලංකාවේ පැවතියේ කුමන ආකාරයේ යුද්ධයක්ද යන්න පැහැදිලි කිරීම වෙනුවෙන් සකස් කළ විශේෂ වාර්තාව ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පැවසීය.
ජිනීවා නුවර පැවැත්වෙන සෑම මානව හිමිකම් සමුළු වාරයකදීම ශ්‍රී ලංකා හමුදාවන් යුද අපරාධ සිදුකළ බවට චෝදනා නඟන බවත්, එයට පිළියමක් ලෙස සහ යුද්ධයේ ඇත්ත තත්ත්වය පෙන්වා දීම අරමුණින් අදාළ වාර්තාව සකස් කළ බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (12) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
( ජනාධිපති මාධ්‍ය ඒකකය )
