ශවේන්ද්‍ර රෝහලට (වීඩියෝ)

එකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි හිටපු යුධ හමුදාධිපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (14) රෝහල තුල සංචාරයක නිරතව තිබේ. ඒ පසුගිය දිනවල සිවිල් වැසියන් සහ යුධ භටයන් අතර පාලකයන්ගේ වරද නිසා සිදු වූ ගැටුම් වලින් තුවාල ලැබුවන්ගේ  සුව දුක් සොයා බැලීමටය.

ශ්‍රී ලංකාවේ තක්කඩි දේශපාලනය විසින් සමස්ත පද්ධතියම විනාශ කර තිබේ. අප දිගින් දිගටම ඒ පිලිබදව ලියා තිබේ. අප මාස කිහිපයක් තිස්සේ ඒ පිලිබදව අනතුරු හගවා තිබේ. එහෙත් පාලකයන් ඒවා පිලිබදව තැකීමක් නොකළේය. අවසානයේ සිවිල් සහ යුධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ අතර ගැටුමක් නිර්මාණය වී ජීවිත හානි වන තෙක්ම කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහී විය.

තවමත් දේශපාලන බෝලයේ මිරිකී සිටින ඔවුන්ට එකතු වීමට නොහැකිව තිබේ. ඔවුන්ගේ එකමුතුව නොමැතිව රට ගොඩනැගීම සිහිනයක් පමණක් බව තවමත් බහුතරයක් මන්ත්‍රීවරුන් මෙන්ම ජනතාවද තේරුම් ගෙන නැත.  

Exit mobile version