ශවේන්ද්‍ර සිල්වාගේ කුමන්ත්‍රණකාරී සැලසුම ගැන තොරතුරු එළියට.

මැයි 09 වැනිදා සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කරන්නාගොඩ කමිටු වාර්තාව හරහා හමුදාපති ශවේන්ද්‍ර සිල්වා කුමන්ත්‍රණකාරී ස්වරූපයකින් තම රාජකාරි වගකීම පැහැර හැර ඇතැයි හෙළි වන බවත්, හමුදාපතිවරයාට දේශපාලන සිහිනයක් හා දේශපාලනයට පිවිසීමේ වෙනමම සැලසුමක් තිබූ බවත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරී කීර්ති රත්නායක මහතා පවසයි.

සමාජ මාධ්‍ය නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසන්නේ මැයි 09 වැනිදා ඇති වූ සිදුවීමේදී ජනාධිපති වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් මෙන්ම රටේ ඇතිවූ වාතාවරණය පාලනය කිරීමට  කටයුතු කරනවා වෙනුවට ශවේන්ද්‍ර සිල්වා සිදුකර ඇත්තේ කුමන්ත්‍රණකාරී ලෙස තම රාජකාරිය හිතාමතාම මගහැරීම බවයි.

මෙම සිදුවීම සිදුවද්දී ශවේන්ද්‍ර සිල්වා සිට ඇත්තේ ඇමරිකානු තානාපති කාර්යාලයේ බවද, ඇමරිකානු තානාපති කාර්යාලය සමග සහ ඉන්දීය තානාපති කාර්යාලය සමග ඔහුගේ සමීප ගනුදෙනුවක් තිබූ බවද කීර්ති රත්නායක මහතා පවසයි.

ඔහුගේ දේශපාලන සිහින බවට පත්ව තිබුනේ ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරීපත්වීම හෝ ආරක්ෂක උපදේශක තනතුරකට පත්වීම බවත්, ඒ සදහා ඔහු පසුබිම සකස්කර ගනිමින් සිටි බව ද කීර්ති රත්නායක මහතා හෙළිකරයි.

කොරෝනා කාර්ය සාධක බලකාය හරහා ශවේන්ද්‍ර සිල්වා අයථා ලෙස  මුදල් ඉපයූ බව පවසන කීර්ති රත්නයාක වැඩිදුරටත් සදහන් කරන්නේ ඉන්දියානු සමාගමකට ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රතිරූපය නැංවීම සදහා කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබූ බවයි.

LLN

Exit mobile version