ශ්‍රීලනිපයේ විධායක සභාව අද රැස්වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව අද (15)දින පක්ෂ මූලස්ථානයේදී රැස්වීමට නියමිත බව වාර්තා වේ.

එම පක්ෂයේ කාරක සභාවට දිවයින පුරා සිටින කාරක සභා නියෝජිතයින් 300කට අධික පිරිසක් සහභාගි වීමට නියමිත බව සදහන්.

මේ අතර විධායක සභාවේදී තනතුරු කිහිපයක් සම්මත කර ගැනීමට නියමිත බවට එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කර තිබේ.

Exit mobile version