“ශ්‍රී රාවණා” පුවතින් ලංකා බැංකුව කැළඹේ. ප්‍රාදේශීය කාර්යාලයෙන් ගෙදරටම යයි.(වීඩියෝ)

අප මීට දිනකට පෙර (23) ලංකා බැංකුවෙන් ගඳ වැඩක්. “වයෝවෘද්ධ” අයට පාරිභෝගික සේවය බින්දුවේ”  යන මාතෘකාවෙන් යුතුව මහනුවර දිගන ලංකා බැංකු කලමනාකාරියගේ අයහපත් කළමනාකරණය පිලිබඳව පුවතක් පලකරන ලදී.

එම පුවතට අනුව අනාවරණය වුයේ ඇයගේ වයෝවෘද්ධ භාවය නිසා පෑනෙන් අත්සන් කිරීමට නොහැකිව ඇගිලි සලකුණු තබා තිබේ. එහිදී ඇඟිල්ල මාරුවීම නිසා බැංකු කලමනකාරිවරිය මුදල් ලබා දීම ප්‍රතික්ෂේප කිරීමෙන් ඇති වූ ගැටළුකාරී තත්වයක් මත ඇය බිම වැටී තිබේ. ඉන් අනතුරුව එම මාතාව මෙසේ සඳහටම ඔත්පල වී සිටී .

එම පුවතට අනුව ක්‍රියාත්මක වී තිබෙන ලංකා බැංකුවේ මධ්‍යම පළාත් ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරිනියන් සහ නිලධාරින් කණ්ඩායමක් එම නිවසට ගොස් තිබේ. අපට ලැබී තිබෙන වීඩියෝ දර්ශනවලට අනුව මිය යාමට ආසන්නව සිටින එම මාතාවට මාසිකව අදාළ මුදල් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට එවෙලේම ක්‍රියාත්මකව තිබේ. කෙසේ නමුත් එම මාතාව එම තත්වයට පත්ව තිබෙන්නේද ලංකා බැංකුවේම වරදින් බැවින් එම පාපයෙන් මිදීමට ඔවුන්ට හැකියාවක් නැත.

ජනාධිපතිවරයා අනුරාධපුරයේදී සදහන් කලේ නිකන් කන මිනිසු සහ වැඩනොකරන රාජ්‍ය සේවයක් අවශ්‍ය නැති බවයි. මෙරටේ නිකන් කන්නේ නම් ඒ සමෘද්ධිලාභීන් සහ රාජ්‍ය සේවකයන්ය. සමෘද්ධිලාභීන් යනු මෙරට බහුතරයක් වූ වැඩකරන ජනතාවයි. ඔවුන්ට සමෘද්ධියෙන් සොච්චම් මුදලක් ලැබුනත් රාජ්‍ය සේවකයන් විශ්‍රාම වැටුප් ලබන්නන් ඇතුළු පුද්ගලයන්ට වැටුප් ගෙවන්නේද සමෘද්ධිලාභීන් ඇතුළු කම්කරු ජනතාව මෙන්ම අනෙකුත් ව්‍යවසායකයන් ගෙවන බදු මුදලින් සහ ණය පොලියෙනි.

බැංකු ඇතුළු සමස්ත රාජ්‍යසේවයම එය අමතක කර තිබීම වර්තමාන විනාශයට ප්‍රධානතම හේතුවයි. එබැවින් බැංකු යනු මහජන ආයතනයක් විනා ඔවුන්ගේ පෞද්ගලික බුදලයක් නොවන අතර පවතින නීති රාමුන් අනුව වැඩකිරීමට බැරිනම් ජනපතිගේ මෙන්ම ජනතාවගේද ඉල්ලීමට අනුව රැකියාවෙන් ඉවත්ව යා යුතුය. සියල්ලම මාධ්‍ය මගින් හෙළිකරන තෙක් නොසිට තම තමන්ගේ රැකියාව දැන්වත් නිසි ලෙස කල යුතු බව බැංකු ඇතුළු රාජ්‍ය සේවයට නොදැනී තිබීමේ අයහපත් ප්‍රතිපලය කෙතරම්ද යත් මේ වනවිට සමස්ත රාජ්‍ය සේවයම රටට බරක්ව තිබේ. රාජ්‍ය ආයතන 42 ක් පමණ පෞද්ගලිකරණය වන්නා සේ අධ්‍යාපන, ආරක්ෂක, සෞඛ්‍ය සහ අධිකරණ හැර අනෙකුත් සියලුම රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය කිරීමට පවා තීරණ ගැනීමට රජයට සිදුවනු ඇත.  

https://www.ravanalankanews.lk/14558/08/%e0%b7%80%e0%b7%93%e0%b6%a9%e0%b7%92%e0%b6%ba%e0%b7%9d%e0%b7%80-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b6%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c/55/19/
Exit mobile version