ශ්‍රී රාවණා ලංකා පුවත පොලිස්පතිතුමාගේ අවධානයට – වහාම පරීක්ෂණයක් කරන ලෙස නියෝගයක්

අපට ලැබුණු තොරතුරක් මත “නෝනට කියපන් ගෙදර අස් කරලා තියා ගන්න කියල. උඹට අවුරුදු කන්න ඉඩ තියන්නේ නෑ. තවත් මාධ්‍යවේදියෙකුට තර්ජන “  යන ශීර්ෂයෙන් පසුගියදා පුවතක් පලකරන ලදී. එම පුවතට අනුව වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස පොලිස්පතිතුමා අදාළ අංශයන්වලට නියෝග කර තිබෙන බව වාර්තා වේ.

මරණීය තර්ජනයට ලක්ව සිටින ජේෂ්ඨ මාධ්‍යවේදී චමින්ද සේනාරත්න මහතා

ඒ අනුව අදාළ තරජනයට ලක් වූ ජේෂ්ඨ මාධ්‍යවේදී සහ අරුණ පුවත්පතේ කතෘ චමින්ද සේනාරත්න මහතා වැඩි දුර පරීක්ෂණ ඇරඹීමට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හෙට පොලිස් මූලස්ථානය වෙත කැඳවා තිබේ.

කෙසේ වුවත් ශ්‍රී ලංකා පොලිසිය තුල නීතිය ක්‍රියාත්මක නොවීමට හේතුව විවිද දේශපාලන බලපෑම් බව පැහැදිලිවම අපගේ කණ්ඩායම් සොයාගෙන තිබේ. එසේ නොමැති වුයේ නම් ශ්‍රී ලාංකික ප්‍රජාව මෙවැනි ගැටළු වලට මුහුණ නොදෙනු ඇත. කෙසේ වුවත් දිනෙන් දින තර්ජනයන්ට ලක් වන මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු නොකිරීමෙන් දේශපාලන අධිකාරියට මෙන්ම අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට ද රාජකාරිමය වශයෙන් බාදා ඇති වේ.

එවන් වාතාවරණයක් යටතේ වර්තමාන පොලිස්පතිතුමා පුවත දුටු සැනින් ගත් එම තීරණයට අපගේ කෘතඥතාවය පළකරමි. රාජකාරිය නිසි ලෙස ඉටු නොකරන හෝ විවිධ බලපෑම් හේතුවෙන් නිහඩව සිටීමට සිදුව තිබෙන සියලු පොලිස් නිලධාරීන්ට ද  නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කල යුතු බවට වන පණිවිඩය නොහොත් තමන් වෙත යම් පැමිණිල්ලක් ලැබුනේ නම් වහාම  ක්‍රියාත්මක වී නීතිය ක්‍රියාත්මක කල යුතුය යන පණිවිඩයද මේ සමගම ඔහු සමාජයට ලබා දෙයි.

 

https://www.ravanalankanews.lk/10357/03/%e0%b6%b1%e0%b7%9d%e0%b6%b1%e0%b6%a7-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b7%99%e0%b6%af%e0%b6%bb-%e0%b6%85%e0%b7%83%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb%e0%b6%bd%e0%b7%8f/10/10/
Exit mobile version