අප ආයතනයේ වෙබ් අඩවිය වෙත එල්ල වරින් වර එල්ල කර සයිබර් ප්‍රහාරය හමුවේ අපගේ වෙබ් අඩවිය යම් බිඳ වැටීමකට ලක් නොවුවත් විවිද අනතුරු හැඟවීම් හමුවේ ඒවාට අවශ්‍ය පරිඝනක ආරක්ෂක උපක්‍රම භාවිතා කරමින් එම ප්‍රහාරය එල්ල කල කණ්ඩායම අප විසින් හදුනා ගන්නා ලදී.
පරිඝණක විශේෂඥයන් විසින් අප වෙබ් අඩවිය ආරක්ෂා කර ගැනීම සදහා අවශ්‍ය නවතම උපක්‍රම දිනපතා භාවිතා කරන අතර ඕනෑම ප්‍රහාරයක් හෝ එම එල්ල කරන ලද කණ්ඩායම් හදුනා ගැනීමට අපට හැකියාව පවතී.
එබැවින්, අප පලකරන පුවත් වලින් ඔබට යම් අපහසුවක් සිදුවන්නේ අපගේ කණගාටුව ප්‍රකාශ කරන නමුත් අප විමර්ශනාත්මකව පලකරන පළකිරීම් වල යම් වරදක් දෝෂයක් තිබේ නම් ඒවා වෙනස් කිරීමට අප බැදී සිටී. එය අපගේ මාධ්‍ය මෙහෙවර විනා කිසිවෙකුත් සමග වෛරයෙන්, ක්‍රෝධයෙන් හෝ තරහින් පුවත් පල නොකරන බවද, අප නැවතත් සදහන් කරමි.
එසේම ඔබට අවශ්‍ය ඕනෑම පුවතක් පවතින නීති රාමුව යටතේ අපගෙන් පලකර ගත හැකිය. ඔබේ හඩ වෙනුවෙන් මෙහි ඉඩක් අති අතාර කුමන ඉල්ලිම් සහ බාධක පැමිණියත් අපගේ පුවත් පල කිරීම් සහ අන්තර්ජාල නාලිකා සියල්ලම සිදුකරගෙන යන්නේ සියලු දෙනාටම යහපත් දේශයක් උදාකිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් පමණක් බව සදහn කරමු.
