බොහෝ කාලයක සිට මෙම වෙබ් අඩවියටත් ආයතන හිමිකරුටත් තර්ජන එල්ල වෙමින් පවතින්නේ මෙරට තුල ක්‍රියාත්මක වන විවිධ මාෆියා කල්ලි වල බලපෑම හේතුවෙනි. මීට මාස කිහිපයකට පෙර එක්තරා හොර කල්ලියක් නොහොත් ශ්‍රී දළදා මාලිඟාව සහ බුදු දහම විනාශ කරමින් සිටින කල්ලියක් විසින් ශ්‍රී රාවණා ලංකා වෙබ් අඩවියේ හිමිකරුට විරුද්ධව නීතිය නමන්නට ගොස් ඔවුන්ගේ සියලු වංචා දූෂණ සාක්ෂි සහිතවම ප්‍රසිද්ධ කරන්නට අපට හැකියාව ලැබිණි.
නමුත් ඊට ආදාළ ක්‍රියාවලියේදී වෙබ් අඩවියේ පෞද්ගලික තොරතුරු ලබාගෙන ඇත්තේ අධිකරණ නියෝගයකින් තොරව බව මේ වන විට අප සාක්ෂි සහිතවම සොයාගෙන තිබේ.
ඒ අනුව මොරටුව විශ්ව විද්‍යාලයේ යම් පුද්ගලයෙකු විසින් එම තොරතුරු ලබා දී තිබෙන අතර රාජ්‍ය ආයතන නීතියට පටහැනිව කටයුතු කරන්නේ නම් ශ්‍රී ලංකාවට නීතියක් අවශ්‍ය නොවේ. විවිධ පුද්ගලයන්ගේ මුදල් වලින් යැපෙමින් රටත් , අනාගත පරපුරත් විනාශ කරන්නට කටයුතු කරන මෙවැනි නිලදාරීන් හොරුන්ටම අවශ්‍ය ලෙස කටයුතු කරන්නේ නම් ලබා දිය හැකි උපරිම දඩුවම් ලබා දීමට කටයුතු කල යුතුය.
මේ පිලිබඳව අවශ්‍ය නීතිමය කටයුතු සිදු කිරීමට ආයතනයේ නීති නිලදාරීන් කටයුතු කරමින් සිටිති. එසේම විවිධ නීතිවිරෝදී කටයුතු කරමින් අපගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය මෙන්ම මෙරට තුල ලියවී තිබෙන නීතිමය අයිතිවාසිකම් අහිමි කිරීමට විවිධ මාෆියා කල්ලි වලට ඉඩ ලබා දීමෙන් සිදු වන්නේ තිබෙන ප්‍රශ්න දිගින් දිගටම වැඩි වීම පමණි.
කෙසේ වෙතත් මේ වන තෙක්ම සයිබර් ප්‍රහාරය වරින් වර පවතින නමුත් අපගේ විශේෂඥයන් ඒ සදහා සාර්ථකව මුහුණ දෙමින් වෙබ් අඩවිය නිරුප්‍රදිතව පවත්වාගෙන යති. එසේම අනාගත කටයුතුවලදී මොරටුව විශ්වවිද්‍යලය ද විස්වාස කල නොහැකි ආයතනයක් බවට පත් වනු ඇත.
එබැවින් පවතින නීති රාමුව බලය හෝ තරාතිරම මත බිඳ හෙළිය හැක්කේ යම් කාලයකට පමණක් බවද, නීති විරෝදී කටයුතු සිදුවන්නේ නම් නිසි කල පැමිණි පසු ඒවාට පිළිතුරු බැදීමට සිදුවන බවත් සඳහන් කරන්නෙමු.
