ශ්‍රී ලංකන් ගුවන් සේවයත් අකුරට වැඩ ප්‍රතිපත්තියට

ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ ගුවන් නියමුවන් තමන්ට පැවරී ඇති රාජකාරි පමණක් සිදු කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.

ඒ අනුව අනුමත වාර්ෂික නිවාඩු සහ පියාසර ලැයිස්තුවේ සඳහන් නිවාඩු දිනයන්හි රාජකාරි කටයුතු කිරීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් සේවා නියමු සංසදය ප්‍රකාශ කරයි.

ගුවන් නියමුවන් මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මස 18 වනදා සිට ශ්‍රී ලංකා ගුවන් සේවා පරිපාලනය විසින් ගනු ලැබූ නීත්‍යානුකූල නොවන කප්පාදු කිරීම්වලට සාධාරණ විසඳුමක් ලබානොදීම හේතුවෙනි.

ශ්‍රී ලංකන් ගුවන් සේවා නියමු සංසදය ප්‍රකාශ කළේ එම ඉල්ලීම්වලට සාධාරණ විසදුම් ලබාදෙන බවට ශ්‍රී ලංකන් ගුවන් සේවා පරිපාලනය විසින් ලිඛිතව පොරොන්දු වුව ද මේ වන තෙක් ඒ සඳහා විසදුමක් ලබා දීමට අපොහොසත් වී ඇති බවයි.

Exit mobile version