බුත්තල-වැල්ලවාය ප්‍රදේශයේ භූ චලනයක් සිදු වී ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ, රික්ටර් මාපකයේ 3ක පමණ කම්පනයක් සිදු වී ඇති බවට භූ විද්‍යා හා පතල් කාර්යාංශය තහවුරු කළ බවයි.
මේ හේතුවෙන්, කිසිදු හානියක් සිදුව නොමැති බවත්, ඒ පිළිබඳව ප්‍රදේශවාසීන්ට කලබල නොවන ලෙස ත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.
