ජුලි 22 වැනි දින ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ විශේෂ බලකායේ ඒකාබද්ධ මෙහෙයුමේදී ආසන්න වශයෙන් මාධ්‍යවේදීන් දෙදෙනකුට පහර දී ඇතැයි හියුමන් රයිට් වොච් අනාවරණය කර තිබේ.
එසේම තවත් අයට තර්ජනය කර එම වෙබ් අඩවියට පිවිසීම වළක්වා තිබෙන බවටද වාර්තා කර තිබේ.
මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍යවල තොරතුරු පළ කරන අය අත්අඩංගුවට ගෙන, ප්‍රශ්න කර, ඔවුන්ගේ වැඩ සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව අපරාධ නඩු පවරා ඇතැයිද හියුමන් රයිට් වොච් අනාවරණය කරන අතර අපද ඒවා වාර්තා කර තිබේ.
ජුලි 27 වැනි දින, පොලිසියේ යැයි කියාගත් නාඳුනන පුද්ගලයින් පිරිසක් “එක්ස්පෝෂර් නිවුස්” කාර්යාල වෙත ගොස් එහි සේවකයෙකුගෙන් ද ප්‍රශ්න කර තිබෙන බවද ප්‍රශ්න කර ආරක්ෂක දර්ශන බැලීමට ඉල්ලා සිටි බවද එම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
එම සියලුම සිද්ධීන් එකතුව ශ්‍රී ලංකාවේ සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව හා මාධ්‍යවේදීන්ට එරෙහිව ශ්‍රී ලංකා බලධාරීන්ගේ එම ප්‍රචණ්ඩකාරී මර්දනය සහ පලිගැනීම් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 13ක් විසින් හෙළා දැක තිබේ. කෙසේ වෙතත් මෙහි බලධාරීන් වන්නේ දේශපාලන අධිකාරිය නොවන අතර පහරදීම් මෙන්ම ක්‍රියාකාරීන්ට එරෙහිව කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසිනි. ඒ අනුව ඒවාට සෘජුවම ඔවුන් වගකිව යුතු බව අපද වාර්තා කර තිබේ.
එම සංවිධාන වැඩි දුරටත් පෙන්වා දෙන්නේ, විරෝධතා වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදීන් බලධාරීන්ගේ ඉලක්කයට ලක්ව ඇති බවට පළවන වාර්තා පිළිබඳව ද තම සංවිධාන දැඩි කනස්සල්ලට පත්ව සිටින බවය.
හියුමන් රයිට් වොච් පෙන්වා දෙන්නේ විරෝධතා නිරීක්‍ෂණයට සහ වාර්තා කිරීම සම්බන්ධ මාධ්‍යවේදීන්ට සහ අනෙකුත් අයට ICCPR යටතේ ආරක්‍ෂාව හිමිවන බවය. (ICCPR යනු 1966 දී සම්මතකරණ ලද ජාත්‍යන්තර මානව හිමිකම් ගිවිසුමකි)
අදාළ ඒකාබද්ධ නිවේදනයට පහත සදහන් මානව හිමිකම් සංවිධාන අත්සන් කර තිබේ.
•*ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්*
•*මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා වූ ආසියානු සංසදය (FORUM-ASIA)*
•*CIVICUS*
•*FIDH-මානව හිමිකම් සඳහා වූ ජාත්‍යන්තර සම්මේලනය*
•*Franciscans International*
•*ඉදිරි පෙළ ආරක්ෂකයින්*
•*හියුමන් රයිට්ස් වොච්*
•*ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම*
•*සියලු ආකාර වෙනස් කොට සැලකීම් සහ වර්ගවාදයට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරය (IMADR)*
•*මානව හිමිකම් සඳහා ජාත්‍යන්තර සේවය*
•*ශ්‍රී ලංකා ව්‍යාපාරය*
•*ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර ක්‍රියාකාරී කණ්ඩායම*
•*වධහිංසාවට එරෙහි ලෝක සංවිධානය (OMCT)*
සාමකාමී විරෝධතාකරුවන්ට හා මාධ්‍යවේදීන්ට එරෙහිව ශ්‍රී ලංකා බලධාරීන්ගේ ප්‍රචණ්ඩකාරී මර්දනයට 2022 ජුලි 22 වැනි දින කොළඹ අරගල භූමියේදී අත්අඩංගුවට ගැනීම්, බිය ගැන්වීම් සහ ම්ලේච්ඡ ප්‍රහාරය ද ඇතුළත් වේ.
ආරක්‍ෂක අංශ ඕනෑවට වඩා බලය පාවිච්චි නොකිරීමට ශ්‍රී ලංකා බලධාරීන් වග බලා ගත යුතු අතර ‘ගොටාගෝගම’ භූමියේ සාමකාමී විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම්වලට ගරු කරනු ඇතැයි අපෙක්ෂා කරන බවද අදාළ සංවිධාන අවධාරණය කර තිබේ.
කෙසේ වෙතත් ආරක්ෂක අංශවල නීතිවිරෝදී කටයුතුවලට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් එල්ලවෙමින් තිබෙන බලපෑම් වැඩි කර ගත් එහි අයහපත් ප්‍රතිපල ලැබෙන්නේ ශ්‍රී ලංකාවටමය. එසේම ත්‍රිවිධ හමුදා බලධාරීන්ට මෙන්ම පොලිස් බලධාරින්ටද ඒවාට පුද්ගලිකවම වග කීමට සිදුවනු ඇත. ඒවා නිසිලෙස තේරුම් නොගෙන කටයුතු නොකර නීතිවිරෝදී අකාරයෙන් කටයුතු කිරීමෙන් ඔවුන්ට ලැබෙන අපල විපාක සුළුපටු නොවනු ඇත.
