ශ්‍රී ලංකාවේ උපත ලබා ඇන්ටාක්ටිකාවේ සවුල්  පෝල් වෙත පය තැබූ ප්‍රථම ලාංකිකයා

ඇන්ටාක්ටිකාවේ සවුත් පෝල් වෙත ශ්‍රී ලාංකිකයෙකු වන දිනුක කරුණාරත්න ගමන් කර ඇත.

මෙසේ ඇන්ටාක්ටිකාවේ සවුත් පෝල් වෙත ගමන් කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ඔහු ලෙස ඉතිහාසයට එක්ව ඇත.

ඔහුගේ උපන් ගම ශ්‍රී ලංකාවේ මහනුවර වන අතර මේ වන විට ඔහු අමෙරිකාවේ ඔරිගන් හි පෝට්ලන්ඩ් හි පදිංචිව සිටියි.

ඇන්ටාක්ටිකාවට අයත් රටවල් 12 කොඩි සවුත් පෝල් හි සිටුවා ඇති අතර එහි ස්මාරකයක් ද තනා ඇත.

එම ස්ථානයේ පෘථ්වියට සම්බන්ධ විද්‍යාත්මක පර්යේෂණ සිදුකරන අතර එහි අයිතිය අමෙරිකාව සතුව ඇත.

එහි දී දිනුක කරුණාරත්න විසින් ලද අත්දැකිම විස්තර කරමින් ප්‍රකාශ කළේ එම ස්ථානයේ දී එක්වරම උෂ්ණත්වය සෘණ 40ක් දක්වා සැනින් අඩුව ගිය බවයි.

Exit mobile version