ශ්‍රී ලංකාවේ පාලකයන් නැවතත් හිර වෙයි.  මැයි 09 වැනිදා ප්‍රහාරයට ජිනීවා මානව හිමිකම් සමුළුවට. සිවිල් සංවිධාන මර්ධනය වහාම නවත්වන්න. ජාත්‍යන්තරය නිවේදනය කරයි.

ප්‍රචණ්ඩක්‍රියා ඇති කල පුද්ගලයන් නීතිය හමුවට ගෙන එන ලෙසද, සිවිල් සංවිධානවලට බලපෑම් නොකරන ලෙසද, දන්වමින් එක්ෂත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ මූලික කණ්ඩායම වන කැනඩාව, ජර්මනිය, මලාවි, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩෝනියාව, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය එකාබද්ධව එම නිවේදනය නිකුත් කර තිබේ.

පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති සැලකිය යුතු අභියෝග මෙන්ම ශ්‍රී ලාංකීය ජනතාවට දැඩි දුෂ්කරතා ඇති කරමින් තිබෙන බව හඳුනාගෙන ඔවුන් හදුනාගෙන තිබෙන බවද එම නිවේදනයේ සඳහන් කර තිබේ.

විරෝධතාකරුවන් විසින් මෑත මාසවලදී සාමකාමීව රැස්වීමේ සහ ජීවත්වීමේ නිදහස මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සඳහා ද ඔවුන්ගේ අයිතිවාසිකම් භාවිතා කර තිබෙන බව ඔවුන් හදුනාගෙන තිබෙන බවද, සාමකාමී විරෝධතාකරුවන්ට ප්‍රචණ්ඩකාරී ප්‍රහාර එල්ල කිරීම මෙන්ම රජයට සම්බන්ධ දේශපාලනඥයන්ට සහ ආධාරකරුවන්ට එරෙහි ප්‍රචණ්ඩකාරී ක්‍රියා පිළිබඳව ඔවුන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බවද සදහන් වේ. එසේම එම ප්‍රචණ්ඩත්වයට වගකිවයුත්තන් වගකිව යුතු බවද අවධාරණය කර තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ස්වාධීන ආයතන පවත්වාගෙන යාමේ තීරණාත්මක වැදගත්කමද ඔවුන් අවධාරණය කර තිබේ. දීර්ඝ කාලීන දණ්ඩමුක්තිය සහ දූෂණයට පිළියම් යොදන ලෙසත්, යහපාලනයේ සහ යහපත් ආර්ථික ප්‍රතිපත්තිවල අවශ්‍යතාවය අවධාරණය කරන ලෙසත් ඔවුන් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

සිවිල් සමාජය නිරීක්ෂණය කිරීම සහ බිය ගැන්වීම සම්බන්ධයෙන් ද ඔවුන් අවධානයෙන්  සිටින බවද  සිවිල් සමාජ අවකාශය ආරක්ෂා කිරීමේ වැදගත්කම අවධාරණය කර තිබේ.

මහ කොමසාරිස්වරිය සහ මහකොමසාරිස් කාර්යාලය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස මෙම මානවහිමිකම් මූලික කණ්ඩායම ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබෙන අතර මානව හිමිකම් කවුන්සිලයේ 46/1 යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමට සූදානම් බවද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් කර තිබේ.

මෙම නිවේදනය නිකුත්කොට ඇත්තේ, එහි තානාපතිනි රීටා ෆ්‍රෙන්ච් (Rita French) විසින් වන අතර ලබන ‌සැප්තැම්බරයේ පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සමුලුව වෙත මැයි 09 වැනිදා සිද්ධිය පිලිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Exit mobile version