ශ්‍රී ලංකාව තුල මේ වන විට සිදුවෙමින් පවතින්නේ ජන දුකට එරෙහිව අරගල කල පුද්ගලයන්ගෙන් පළිගැනීමේ ක්‍රියාවලියක් බව පැහැදිලිවම දක්නට තිබේ. අරගලයට සහභාගි වූ ප්‍රමාණය ලක්ෂ ගණනාවකි. එසේනම් දැන් මේ ලක්ෂ ගන්නවම අත් අඩංගුවට ගත යුතුය. නමුත් ශ්‍රී ලංකාවේ දූෂිත පාලකයන් දුටුවේ සහ තවමත් දකින්නේ සමස්ත ලංකාවම ඔවුන්ගේ පදයට නටමින් දුක් විඳිය යුතු බවයි. එසේම ලෝකය පුරාම උද්ඝෝෂන පැවැත්වුයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයට විරුද්ධවය.
මේ සියල්ලම අමතක කල පුද්ගලයන් ලෝකයා ශ්‍රී ලංකාව දෙස බලා සිටින ආකාරය ගැන අවධානය යොමු කර නැත. ඒ ඔවුන්ට දැනුමක් නැතිකම සහ දේශපාලන වහල්භාවය නිසා සත්‍ය සැගවී තිබීමයි. දේශපාලනයෙන් දෙනෙත් අන්ධ කරගත් ඔවුන් ඔවුන්ගේම දු දරුවන්ගේ අනාගතය විනාශ කරන බව නොදකින්නේය.
එවන් බොහෝ නොවිය යුතු දේ සිදු වී රට විනාශයට ගොස් තිබුයදී රට වෙනුවෙන් පෙනී සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන් විසින් නැවතත් උද්ඝෝෂන මාලාවක් සංවිධානය කරමින් තිබෙන බව වාර්තා වේ. ඉන් ප්‍රථම උද්ඝෝෂණය මේ මස 28 ඉරිදා ජිනීවාහි මානව හිමිකම් කාර්යාලය අසලදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන බව වාර්තා වේ. එය එදින උදැසන 11.00 සිට දහවල් 01.00 දක්වා පැවැත්වෙන බව අප වෙත තොරතුරු ලැබී තිබේ.
