ශ්‍රී ලංකාව උද්ධමන වේගයෙන් ලොව 06 වන තැනට

ලොව ඉහළ උද්ධමනයක් ඇති රටවල් අතර ශ්‍රී ලංකාව සිග්‍රයෙන් ඉහළට යමින් සිටින බව ජෝන් හෝප්කින්ස් විශ්ව විද්‍යාලයේ කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙකු වන ස්ටීව් හෑන්ක් ප්‍රකාශ කර ඇත.

ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබූ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව මේවනවිට පසුවන්නේ ලොව වැඩිම උද්ධමනයක් ඇති රටවල් ලැයිස්තුවේ 06 වන ස්ථානයේයි. 

ඊට අනුව මෙරට උද්ධමන වේගය 55%ක් ලෙස දැක්වේ.

මෙම තත්ත්වයෙන් ගොඩඒමට නම් මුදල් මණ්ඩල මූල්‍ය පරිපාලන ක්‍රමයක් කරා ශ්‍රී ලංකාව යොමුවිය යුතු බවයි ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දී ඇත්තේ. 

එම ශ්‍රේණිගත කිරීම් අනුව ලොව වැඩිම උද්ධමනයක් පවතින රට වෙනිසියුලාවයි. සිම්බාබ්වේ, ලෙබනන්, තුර්කිය සහ සුඩානය ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින සෙසු රටවල් වේ.

Exit mobile version