දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නගරාධිපති ස්ටැන්ලි ඩයස් ඇතුලු නාගරික මන්ත්‍රීවරුන් 8 දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් නෙරපීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය මගින් අද (10) වාරණ නියෝගයක් නිකුත් කල බවට වාර්තා වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ ,එහි සභාපති මහාචාර්ය ඩි.එල්.පීරිස්,මහලේකම් සාගර කාරියවසම් ඇතුළු පිරිසකට එරෙහිව කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය විසින් මෙම වාරණ නියෝගය නිකුත් කල බවට වාර්තා වේ.
ඒ අනුව පැමිණිලිකරුවන් කියා සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි ලෙස තමා පක්ෂයෙන් නෙරපීමේ ලිපි නිකුත් කර ඇති බවත් සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව දිසා විනිසුරුවරිය ලබන 24 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි අදාල නියෝගය නිකුත් කල බවට වාර්තා වේ.
