මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ඊයේ (07) අත්සන් තබා ඇති බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ් රි මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .
සංස්කෘතික සහයෝගීතාව , සෞඛ්‍ය සහයෝගීතාව , මාලදිවයිනේ සංස්කෘතික මධ්‍යස්ථනයක් පිහිටුවීම සදහාත් , ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ඒකාබද්ධ කොමිසමේ සිව්වන සැසිවාරයට සමගාමීවත් මෙම ගිවිසුම අත්සන් තබා ඇති බව සදහන්.
මෙම සැසිවාරය ඊයේ (07) සහ පෙරේදා (06) යන දිනවල විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පවත්වා ඇති අතර මෙයට මාලදිවයින නියෝජනය කරමින් එරට විදේශ කටයුතු අමත්‍යවරයා සහභාගී වී තිබේ.














































