ශ්‍රී ලංකා විදේශ සේවා කාර්‍යාංශයේ නීති දැඩි කරයි.

මිනිස් ජාවාරම වැලැක්වීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා කාර්‍යාංශ නීති දැඩි කරමින් කාර්‍යාංශ පනතට නව සංශෝධන එක් කිරීමට කටයුතු කරමින් සිටින බවත් , ඒ සදහා තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර්‍යසාධක බලකායේ නිරීක්ෂණ ගැනීම ආර්ම්භ කර ඇති බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය පවසයි.

ශ්‍රී ලාංකිකයන් මිනිස් ජාවාරම්කරුවනගෙන් ආරක්ෂා කිරීමේ සහ මිනිස් වෙළදාම වැළැක්වීමේ උපක්‍රමයක් ලෙස රැකියා සදහා විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ගේ ජෛවමිතික තොරතුරු ඩිජිටල්කරණ ක්‍රියාවලියකින් දත්ත පද්ධතියක ගබඩා කිරීමේ වැඩසටහනක් ද ආරම්භ කළ බවයි එම කාර්‍යාංශය පවසන්නේ.

ඒ අනුව පුද්ගලයන්ගේ ශරීර අංග සහ ලක්ෂණ නවීන තාක්ෂණය හරහා දත්ත පද්ධතියක ගබඩා කරන බවත් ඇස් , ඇගිලි සලකුණු සහ වෙනත් ශරීර ලක්ෂණ ලබා ගන්නා බවත් එම කාර්‍යාංශය පවසයි.

( Lanka Lead News )

Exit mobile version