මැලේසියාවේ රැකියාවක නියුතුව සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් එහි තට්ටු නිවාසයකින් වැටී මිය ගොස් ඇති බව වාර්තාවේ.
මෙම කාන්තාව සංචාරක වීසා මත පසුගිය වසරේ දෙසම්බෙර් මාසයේ දී ජාඇල ප්‍රදේශයේ විදේශ රැකියා සපයන්නෙකු මාර්ගයෙන් මැලේසියාවට ගොස් ඇති බව වාර්තාවේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 44 වන කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචිව සිටි මාකලන්දනගේ දොන් රේණුකා නිලන්ති බණ්ඩාර නමැති විවාහක එක් දරු මවක් බව පැවසේ.
මෙම සිදුවීම පසුගිය 23 වන දින සිදුව ඇති බව වාර්තාවේ.
