ශ්‍රී ලාංකික පියෙක් සහ දරුවන් දෙදෙනෙක් ඔස්ට්‍රේලියාවේ දී මරුට

පසුගිය සිකුරාදා දිනයේ දී ඔස්ට්‍රේලියාවේ පර්ත් හි ගිනිකොන දෙසින් පිහිටි නිවසක් තුළ පියෙක් සහ ළමුන් දෙදෙනෙක් මියගොස් සිටියදී සොයාගෙන ඇති අතර එය ද්විත්ව මිනිමැරුමක් සහ සියදිවි නසා ගැනීමක් බවට බටහිර ඔස්ට්‍රේලියානු පොලිසිය මේ වන විට  විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.

වයස අවුරුදු 40ක් වන පුද්ගලයෙක් ,06 හැවිරිදි පිරිමි දරුවෙක් සහ අවුරුදු  04 හැවිරිදි දැරියකගේ සිරුරු මෙසේ සොයාගෙන ඇත.

කෙසේ නමුත් මෙට්‍රොපොලිටන් ප්‍රදේශයේ ඩබ්ලිව් ඒ පොලිස් සහකාර කොමසාරිස් ඇලන් ඇඩම්ස් විසින් වාර්තාකරුවන්ට ප්‍රකාශ කර ඇත්තේ මෙම මරණවලට බාහිර වෙනත් කිසිවෙකු සම්බන්ධ වී නොමැති බව මූලික විමර්ශන කටයුතුවලින් පෙනී යන බවයි.

මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ ඉන්දික ගුණතිලක නමැති නගර සැලසුම්කරුවෙකු වශයෙන් එරට සේවය කරන පුද්ගලයෙක් වන අතර ඔහු විවාහ වී ඇත්තේ විජාතික කාන්තවක් සමග බව ද සඳහන් වේ.

මොහු විසින් ටික දිනකට පෙර සමාජ ජාලා තුළ ඔහු මානසික අවපීඩනයෙන් පෙළෙන බවත් ඒ සඳහා ප්‍රතිකාර ලබන බවත් සටහන් කර ඇත.ඉන්දික ගුණතිලක සිය මිතුරන් අතර දක්ෂ ක්‍රීඩකයෙක් සහ ගායකයෙක් වශයෙන් ප්‍රකටව සිට ඇත.

https://www.9news.com.au/national/wa-crime-police-investigating-three-deaths-in-huntingdale-perth/1a3d7c3c-0022-44aa-8c42-69eeaf1d8c98

Exit mobile version