ශ්‍රී පාදස්ථාන වන්දනා වාරය ඇරඹීමට දේවාභරණ පෙරහැර ආරම්භ වෙයි

ශ්‍රී පාදස්ථාන වන්දනා වාරය ඇරඹීම නිමිති කර ගනිමින් ශ්‍රී පාද විහාරස්ථානයේ සිට සුමන සමන් දේව ප්‍රතිමාව ,දේවාභරණ සහ සධාතුක කරඬුව රැගත් පූජා භාණ්ඩ වැඩම කරවීමේ රථ පෙරහැර ආරම්භ කර ඇත.

ඒ අනුව අද (17) උදෑසන 05.00ට පමණ එම පෙරහැර ආරම්භ කළ බව වාර්තා වේ.

රථ පෙරහැර ගමන් මාර්ගය වන්නේ බදුල්ල-රත්නපුර මාර්ගයේ පැල්මඩුල්ලේ සිට රත්නපුර නව නගරය දක්වා ගමන් කර නැවත එම මාර්ගයේම රත්නපුර මහ සමන් දේවාලය වෙත ගමන් කරයි.

මෙම පෙරහැර හේතුවෙන් මාර්ගය තුළ වාහන තදබදයක් ඇති වීමේ හැකියාවක් පවතින බැවින් අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් රත්නපුර-කොළඹ ප්‍රධාන මාර්ගයේ සහ රත්නපුර සිට පානදුර මාර්ගයේ මහ සමන් දේවාලය දක්වා වන මාර්ගය භාවිතා කරන ලෙසට පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

Exit mobile version