සංක්‍රමණිකයින් පිරිසක් රැගත් බෝට්ටුවක් සිරියානු මුහුදු ප්‍රදේශයේ දී අනතුරට ලක්වීමෙන් 77 දෙනෙකු මියගොස් ඇත.
අනතුරින් දිවි ගලවාගත් 20 දෙනෙකු සිරියාවේ ටාටස් නගරයේ රෝහලක් වෙත ඇතුළත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම අනතුරට ලක්වන විට බෝට්ටුව තුළ 120-150ත් අතර පිරිසක් සිට ඇති අතර ලෙබනන්, සිරියානු සහ පලස්තීන ජාතිකයන් පිරිසක් මෙහි ගමන් ගෙන ඇත.
මෙම පිරිස අතර කාන්තාවන් සහ ළමුන් ද සිට ඇති අතර මෙම යාත්‍රාව සයිප්‍රසයට යමින් සිටියදී අනතුරට ලක්ව ඇති නමුත් මේ වන තෙක් අනතුරට හේතුව අනාවරණය වී නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
