සංචරණය තව තවත් සීමා කිරීමට කටයුතු කරන ලෙස GMOA රජයෙන් ඉල්ලයි.

අද වන විට රට තුළ කෝවිඩ් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම සිදුවන අතර මෙය පාලනය කිරීම සඳහා පුද්ගල සංචාරණය 80%ත් 90%ත් අතර ප්‍රමාණයකින් අඩු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියේ ය.

ඔවුන් පවසා ඇත්තේ මේ සඳහා අවශ්‍ය පියවර කොවිඩ් කාර්ය සාධක බළකාය සහ සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව හැකි ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ එන්නත්කරන ක්‍රියාවලිය ද විද්‍යාත්මක ක්‍රමවේදයකින් බැහැරව සිදුවන බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනය මෙසේය.

Exit mobile version