වීර සිසුවාගෙ විර ක්‍රියාව

ඇමෙරිකාවේ මිචිගන් ජනපදයේ පාසල නිමවී ළමුන් පිරිසක් රැගත් පාසල් බස් රථයක් සුපුරුදු පරිදි පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් සිටියදී බස් රථයේ රියදුරු දහදිය හෙළමින් ක්ලාන්ත වී ඇත. එය දුටු එම බස් රථයේ සිටි පාසල් සිසුවෙකු රියදුරාව සන්සුන් කර බස් රථයේ සුක්කානම ඔහුගේ දෑතට ගෙන ආරක්ෂිතව බස් රථය මාර්ගයේ අයිනකට කර නවත්වා තිබේ. පසුව පාසල් සිසුවා සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් හදිසි අංකය අමතා දැනුම් දී ඇත. ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ පොලීසිය විසින් රියදුරු රෝහල් ගත කොට බස් රථයේ සිටි සිසුන් පිරිස වෙනත් රථයකින් සිය නිවෙස් කරා යැවීමට කටයුතු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම බස් රථයේ තවත් සිසුන් අට දෙනෙකු සිට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ සිසුවා අවුරුදු හතක් වයසැති සිසුවෙකු බව සදහන්.

මෙම හත් හැවිරිදි සිසුවා නමින් ඩිලන් රිව්ස් නැමැත්තෙක් වන අතර මොහුව පාසලේ වීර සිසුන්ගේ ලැයිස්තුවට එක් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කර තිබේ.

Exit mobile version