ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හැකිනම් මේ වසරේ ම පවත්වන්නැයි ජනාධිපතිවරයාට අභියෝග කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
ඒ වෙනුවෙන් අවශ්‍ය කරන නීති ප්‍රතිපාදන සඳහා සමගි ජන බලවේගය පූර්ණ සහයෝගය ලබාදෙන බව ද විපක්ෂ නායකවරයා පැවසීය.
මැතිවරණ ගැන ජනතාවට විශ්වාසයක් නැතැයි ජනාධිපතිවරයා පවසා ඇති බවත් තනි ආසනයකට බැස්ස පක්ෂයක නායකයෙකුගෙන් එවැනි ප්‍රකාශයක් නිකුත් වීම ගැන පුදුම නොවන බවත් “උදාවක ඇරඹුම” වැඩසටහනට උද්දකන්දර සදානීලගම ප්‍රදේශයේදී එක් වෙමින් ඔහු පැවසීය.
මැතිවරණයක් පැවැත්වුවහොත් ජනාධිපතිවරයාට අත්වන ඉරණම පිළිබඳව ඔහු හොඳාකාරව දන්නා බවත් විපක්ෂ නායකවරයා කීවේය.
( ලංකාදීප )
