සතොසෙන් ජනතාවට සීමාවන්!

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් සතොස ශාඛාවල අලෙවියේ නොමැති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.

එමෙන්ම සහල්, රතු පරිප්පු සහ සීනි අලෙවි කිරීමේදී සතොස ආයතනය විසින් යම් සීමා පනවා ඇති බවද වාර්තා වුණා.

ඊට අදාළව ශාඛා කළමනාකරුවන් වෙත සතොස පාලනාධිකාරිය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර, එහි දැක්වෙන්නේ අදාළ චක්‍රලේඛයට පටහැනිව කටයුතු කරන සේවකයින්ගේ සේවය අත්හිටුවා විනය පරීක්ෂණ සිදු කරන බවයි.

Exit mobile version