සතොසෙන් තවත් සහන.

ලංකා සතොස සහල්, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර වර්ග 05ක මිල ගණන් අඩු කිරීමට පියවර ගෙන ඇත.

සතොස සභාපති ,පසඳ යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ එම මිල සංශෝධනය අද (23) සිට ක්‍රියාත්මක වීමට නියමිත බවයි.

මෙසේ මිල ගණන් වෙනස් වන භාණ්ඩ පහතින්,

ආනයනික පොන්නි සම්බා කිලෝවක් රු.21 කින් මිල අඩු වී ඇති අතර නව මිල රු.194ක් ලෙස දැක්වේ.

පරිප්පු කිලෝවක මිල රු.25 කින් අඩු වී ඇති අතර නව මිල රු.460 කි.

දුඹුරු සීනි කිලෝවක් රු.2 කින් මිල අඩු කර ඇති අතර එහි නව මිල රු.310 කි.

ආනයනික නාඩු හාල් කිලෝවක් රු.2 කින් මිල අඩු කර ඇති අතර එහි නව මිල රු.198 කි.

හාල් මැස්සෝ කිලෝවක් රු.25 කින් මිල අඩු කර ඇති අතර නව මිල රු.1,375 ක් ලෙස දැක්වේ.

Exit mobile version