සතොස භාණ්ඩ කිහිපයක මිල පහතට.

ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස අලෙවිසැල් ජාලය මඟින් අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 3 ක මිල පහත දමා ඇති බව වාර්තා වේ.

ඒ අනුව පාන්පිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 5 .00කින් ද , රතු පරිප්පු කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 4.00කින් ද , වටානා කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 13.00 කින් ද පහත දමා ඇති බව සඳහන්.

මෙම මිල ගණන් පහළ දැමීමත් සමඟ ඒවායේ නව මිල ගණන් වනුයේ වටානා කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 275.00 ක් , පාන් පිටි කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 195.00 ක් , රතු පරිප්පු කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 295.00 ක් ලෙසයි.

Exit mobile version