සඳහිරු සෑ රජු ලෝවාසී සැදැහැවතුන්ගේ වන්දනාමානයට විවෘත කෙරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වය ඇතිව අද (18) පස්වරුවේ සම්බුද් ශාසනය වෙත පූජා කිරිම සිදු විය.

තිස්වසරක යුද්ධය හමුවේ සිය දිවි කැප කරමින් රට ජාතිය රැක ගැනීමේ යෙදී සිටි වීරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් මෙම සඳහිරු සෑ රාජයාණන් වහන්සේ ඉදිකෙරුණි.

සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු 2010 වසරේ දී ආරම්භ වූ අතර මෙම සෑ රාජයණන් වහන්සේ උසින් අඩි 283කට ආසන්න වන අතර විශ්කම්භය අඩි 255ක් පමණ වේ.

චෛත්‍යයේ ඉදිකිරීම කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් , ඉංජිනේරුවන් හා සෙසු නිලධාරීන් එක්ව සිදු කර ඇත.

Exit mobile version