හෙට (15) දිනයේ සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු නවතා දැමීමට සිදුවන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති පවසයි.
පිරිපහදු කටයුතු සඳහා අවශ්‍ය බොරතෙල් නොමැති වීම හේතුවෙන් මෙම තත්ත්වය පැන නැගී ඇති බවයි ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කළේ.
ඔහු සඳහන් කරන්නේ ඔක්තෝම්බර් මස 05 වනදායින් පසුව මේ වන තෙක් නැවක් පැමිණ නොමැති බවත්, භූමිතෙල් නිෂ්පාදනය නවතා දැමෙන බවත් සලාක හෝ පෝලිම් ක්‍රමයට ඉදිරි කාලයේ දී ඉන්ධන ලබා ගැනීමට සිදුවිය හැකි බවත් ය.
ඔහු මෙම අදහස් දක්වා ඇත්තේ කොළඹ දී අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
