සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50ක කාලයක් වසා තැබීමට තීරණය කර ඇත.
ඒ පිරිපහදු කිරීම සඳහා අවශ්‍ය කරන බොරතෙල් තොග මේ දක්වාත් සපුගස්කන්ද පිරිපහදුව වෙත ලැබී නොතිබීමයි.
මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා කර ඇති අතර මේ වන තෙක් බොරතෙල් ලබා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් හෝ මුදල් වෙන් කිරීමක් සිදුව නොමැති බව වාර්තා වේ.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව මීට පෙර 2007 වසරේ දී නඩත්තු කටයුත්තක් සඳහා සතියක කාලයක් වසා දමා තිබූ නමුත් මේ වන තෙක් මෙවැනි දීර්ඝ කාලයක් වසා දැමෙන්නේ ප්‍රථම වතාවට බව ද වාර්තා වේ.
