සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග.

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට අදාළව ඊයේ (24) දින පස්වරුවේ  පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා ආණ්ඩුවට සහය පළ කරමින් සිය ඡන්දය ප්‍රකාශ කර තිබෙන අතර එම පක්ෂයේ විනය මණ්ඩලය විසින් ඉදිරි දින කිහිපය තුළ ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව වාර්තා වේ.

Exit mobile version