සමගි ජන බලවේගය ජාතිවාදය, ආගම්වාදය ප්‍රතික්ෂේප කරන පක්ෂයක්

සමගි ජන බලවේගය ජාතිවාදය ආගම්වාදය ප්‍රතික්ෂේප කරන පක්ෂයක් බවත් ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමට සහයෝගය ලබා දුන්නද මේ වන විට එය ක්‍රියාත්මක නොවන බවත් ඊයේ (21) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතක සංවිධායක සහ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් පැවසීය.

ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ එස් එම් මරික්කාර් මහතා,ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සෑම විටම අත ඔසවන පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය ස්වාධීන කොමිෂන් සභා වලට සහයෝගය දුන්නද වර්තමානය වන විට එය ක්‍රියාත්මක නොවන බවත් එය මැතිවරණ කොමිෂන් සභාවට සහ මහජන උපයෝගිතා කොමිසමට රජය විසින් කරන ලද ප්‍රකාශ තුළින් ඉස්මතු වන බව එතුමා පැවසීය.

අප සෑම විටම ජාතිවාදයට ආගම්වාදයට එරෙහිව නැගී සිටින පක්ෂයක් බව පැවසූ මරික්කාර් මහතා ප්‍රකාශ කළේ වර්තමානයේ ෆාදර් ජෙරම් වැනි සිද්ධි වලින් නැවත වතාවක් දේශපාලන බල වුවමනා වෙනුවෙන් ආගම්වාදය ජාතිවාදය වපුරමින් තිබෙන බවයි.

“2019 ජාතිවාදය ගෙනාපු නිසා අපි පැරදුණා වඳ කොත්තු වඳ බෙහෙත් වඳ ශාපි ජනතාව ඒ නිසා හා දැනට හෝ වෙන කාට හෝ ඉස්ලාම් හෝ හින්දු කවර ආගමකට හෝ නිගා කිරීමේ අවමන් කිරීමේ අයිතියක් නැහැ ඒකට ඉඩ දෙන්නත් බැහැ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාව අනුව බෞද්ධාගම ප්‍රමුඛස්ථානයක් ලැබෙනවා වගේ බෞද්ධාගම සුරක්ෂිත කිරීම පෝෂණය කිරීම රජයේ වගකීමක් ඒ වගේම අනෙකුත් ආගම් වල ඉන්න අය ඔවුන්ගේ ආගම් ඇදහීමේ සංස්කෘතික අයිතිය ලබාදීම ආණ්ඩුවේ වගකීමක් ඒ නිසා ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගත යුතුයි. අතන මෙතන එක එක හාල් කෑලි කතා කරන්න වැඩක් නැහැ කවුද ඔය කියන කට්ටිය අපිට චෝදනා කරන්නේ ප්‍රකාශයක් කරේ නෑ කියලා මේ රටේ වඳ කොත්තු නිර්මාණය කරලා වඳ බෙහෙත් නිර්මාණය කරලා මිනිසුන්ගේ ලේ රත් කරලා ජාතිවාදය ගෙනල්ලා බූරුවෙක්ව මේ රටේ නායකයා කරලා රට විනාශ කරපු එවුන් ටික. දැන් ඒගොල්ලන්ට ඕන ජාතිවාදයෙන් තමයි කරන්නේ යුද්ධය තියෙන කාලෙ දෙමළ මිනිස්සු අල්ලගත්තා සිංහල දෙමළ මිනිස්සු බෙදුවා ඔන්න වද කොත්තු අරගෙන අලුත් ගමෙන් පටන් අරගෙන මුස්ලිම් සිංහල මුස්ලිම් බෙදුවා දැන් මේ හදන්නේ ජෙරම් ගේ ප්‍රකාශය සම්බන්ධව ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම එකක් හැබැයි කතෝලික ජනතාවයි බෞද්ධ ජනතාවයි බෙදන්න දෙන්න බැහැ මේකෙන් කතෝලික ජනතාවයි මුස්ලිම් ජනතාවයි බෙදන්න දෙන්න බැහැ මේකෙන් කතෝලික ජනතාවයි හින්දු ජනතාව බෙදන්න දෙන්න බැහැ මේක ඕකෙ දෙපැත්තක් තියෙනවා පාදර් ජෙරම් සම්බන්ධව තීරණයක් ගත යුතුයි ආණ්ඩුව පරීක්ෂණ කළ යුතුයි සී අයි ඩී පරීක්ෂණ කරලා දඬුවම් ලබා දෙන්න ඕන මිසක් මේ වේදිකා වල් වල හන්දි හන්දි ගානේ කෑගහන බොරු දේශප්‍රේමී හොරුන්ට ඕන විදිහට වැඩ කරන්න කවුරුත් සූදානම් නැහැ. මොකද ඕවට රැවටිලා හොඳට පරිප්පු කාල ජනතාව හෙම්බත් වෙලා ඉන්නේ මේ පාර අහු වෙන එකක් නැහැ ඕව දැන් හරි යන්නේ නැහැ මොකද එකම යකඩ වුණත් හැමදාමත් අල්ලනකොට තැලිලා එක තැනකට එනවා ඒ වගේ වෙලා තියෙන්නේ”

Exit mobile version