සමන්තා පවර් ජනපති හමුවෙයි

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධා නී සමන්තා පවර් මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුව ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ අදාළ හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදුව ඇති බවයි.

මෙම හමුවට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ කාර්යය මණ්ඩල නියෝජ්‍ය  ප්‍රධානී සොනාලි කෝඩේ මහත්මිය ද සහභාගී වී ඇත.

ඊයේ (10) දෙදින නිල සංචාරයක් සඳහා සමන්තා පවර් මහත්මිය ඇතුළු අමෙරිකානු නියෝජිත පිරිස දිවයිනට පැමිණ ඇත.

Exit mobile version