සයිනොෆාම් එන්නත් ලබාගත් පුද්ගලයින්ට බූස්ටර් එන්නතක්

කොවිඩ් මර්දන සයිනොෆාම් එන්නත් ලබාගත් පුද්ගලයින් සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම පිළිබඳව විද්වතුන් විසින් තීරණය කරනු ලබන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

ඒ අනුව සයිනොෆාම් එන්නත් ලබාගත් පුද්ගලයින් සඳහා මාස 06ක් ඉක්මවීමට ප්‍රථම බූසටර් එන්නතක් ලබාදිය යුතු බවට ඇතැම් පාර්ශවයන්ගෙන් යෝජනා පැමිණ ඇත.

සයිනොෆාම් එන්නතේ පවත්නා කාර්යක්ෂමතාව මාස 03කට පසු ක්‍රමයෙන් අඩුවන බව ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය රජීව් ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත.

Exit mobile version