ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්වීටර් පනිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ සේවයේ නියුතු චීන ජාතිකයින් 3,300කට සයිනොෆාම් එන්නතේ තෙවන මාත්‍රාවක් ලබා දී ඇති බවයි.
ට්වීටර් පණිවිඩයේ සඳහන් වන්නේ පසුගිය 22 වනදා සිට 25 වනදා තෙක් දින තුනක කාලය තුළදී මෙම තෙවන මාත්‍රාව ලබා දීමට කටයුතු කර ඇති බවයි.
මෙලෙස තෙවන සයිනොෆාම් මාත්‍රාවක් ලබා දී ඇත්තේ කොළඹ, මහනුවර, හම්බන්තොට, පුත්තලම සහ දඹුල්ල යන ප්‍රදේශවල සේවයේ නිරතව සිටින චීන ජාතිකයින් සඳහාය.
සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ට මාස 06ක කාලයකට පසු මෙලෙස තෙවන මාත්‍රාවක් ලබාදුන් බවත් මේ වන තෙක් මෙරට වෙසෙන චීන ජාතිකයෙකු කොවිඩ් සංකූලතා තත්ත්වයට පත්වී නොමැති බවත් එම ට්වීටර් පණිවිඩයේ දක්වා ඇත.
