සරසවියේ නේවාසිකාගාරය තුළ මියගිය සිසුවාගේ දේහය නිවසට.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරය තුළ දී අභිරහස් ලෙස මියගොස් සිටි සිසුවාගේ දේහය ඔහු පදිංචිව සිටි පරගස්තොට පැල්පොල ආචාරිගොඩ පාරේ පිහිටි නිවස වෙත රැගෙන ගොස් ඇත.

ඊයේ (21) විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයේ කාමරයක් තුළ මිතුරන් කිහිපදෙනෙකු සමග නින්දට ගොස් සිටි හර්ෂ ධනංජය නමැති මෙම සිසුවා  උදෑසන අවදි නොවීම හේතුවෙන් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණි.

රෝහලට රැගෙන ගිය අවස්ථාව වන විටත් ඔහු මියගොස් සිට ඇති බව එහි දී අනාවරණය වී ඇති අතර මරණයට හේතුව මේ වන තෙක් අනාවරණය වී නොමැත.

ඔහු බණ්ඩාරගම ජාතික පාසලේ ආදිශිෂ්‍යයෙක් වන අතර සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි මොහු විශ්වවිද්‍යාලයේ කබඩි කණ්ඩායමේ නායකයා ද විය.

පසුගිය 20 වනදා ඔහු නිවසේ සිට නේවාසිකාගාරය වෙත යතුරුපැදියෙන් පැමිණ ඇති බවත් අනතුරුව නේවාසිකාගාරය වෙත පැමිණි බවට නිවසට ඇමතුමක් දී දැනුවත් කර ඇති බවත් එදින මධ්‍යම රාත්‍රිය වන තෙක් සිය සහෝදරිය සමග නිවසේ ඇති පරිගණකයේ දෝෂයක් පිළිබඳව සංවාදයක යෙදී සිට ඇති බවත් වාර්තා වී ඇත.

මොහු ඉන් අනතුරුව නින්ද ගොස් ඇති අතර අලුයම අවදි නොවීම හේතුවෙන් කාමරයේ සිටි මිතුරන් විසින් ඔහුව රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.

කෙසේ නමුත් සිසුවාගේ බාහිර තුවාල හෝ විෂ ශරීරගත වීමක් නොමැති බවත්, අධිකරණ වෛද්‍යවරයා විසින් මරණයට හේතුවක් අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් නොදැක්වූ බවත්, පොලිස් ස්ථානාධිපතිවරයා වාර්තා කරයි.

ඒ අනුව රසපරීක්ෂකවරයා වෙත මියගිය සිසුවාගේ ශරීරයේ කොටස් යොමු කිරීමට විවෘත තීණ්දුවක් ලබා දී ඇත.

Exit mobile version